Wednesday, March 04, 2026
Follow Us
"බුර්කාව සදාකාලිකවම ඉවත් විය යුතුයි" - ජනාධිපති නීතිඥ අලි සබ්රි

බුර්කාව භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව නීතිවේදීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂක තත්ත්වය සැලකීමේදී බුර්කාව ශ‍්‍රී ලංකාවට නොගැළපෙන බවයි.

බුර්කාව ශ‍්‍රී ලංකාව තුළ තහනම් කිරීම සඳහා මුස්ලිම් ප‍්‍රජාව ද සහය දිය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි ප‍්‍රකාශ කළා.

සම්පූර්ණ මුහුණු ආවරණ සඳහා මේ වනවිට සිදු කර ඇති තහනම හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීමත් සමග ඉවත් වනු ඇති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති, නීතිඥ මනෝජ් ගමගේ ද ප‍්‍රකාශ කළා.

(Neth)