රාජ්‍ය වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) රැස් වූ අතර දුම්රිය රියදුරු වර්ජනය සහ ඒ පිළිබඳව අනුගමනය කෙරෙන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි දී සාකච්ඡා වී තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
"ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභා රැස්වීම පැවැත්වුණා. ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු අනෙකුත් ඉහළ නිලධාරීන් ද කැඳවා තිබුණා. ඒ අනුව දුම්රිය රියදුරු වර්ජනය පිළිබඳ තීරණයක් ගැනීම ඇමතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට බල සීමාව තුළ කළ නොහැකි කාර්යයක් බවත්, ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසමට, රාජ්‍ය අංශයේ අනෙකුත් සේවාවන්ට බලපෑමක් ඇති නොවන ආකාරයේ කිසියම් විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දුන්නා.
ඒ අනුව සති දෙකක කාලයක් තුළ රාජ්‍ය සේවා කොමිසම වෙත පවතින තත්ත්වය පිළිබඳව කළ හැකි සියලුම නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ ගැටලුව විසඳා ගැනීමට උත්සාහ දරනවා.
ඒ අතර රටේ පොදු ජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීම සඳහා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙන බැවින් සියලු දෙනාටම නැවතත් රාජකාරියට වාර්තා කරන ලෙස ඉල්ලීමක් කරනවා.
අවශ්‍ය විසඳුම් ක්‍රියාමාර්ගයක් සඳහා රාජ්‍ය සේවා කොමිසමට පැවරීමෙන් අනතුරුවත් අත්‍යවශ්‍ය සේවා නියෝග පිළිනොගන්නේ නම් ඒ සඳහා අදාළ නීතිය ක්‍රියාත්මක වනවා.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනිව දේශපාලනඥයන්ට හැසිරීමේ හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පොදු නීතියට සියලු දෙනාම ගරු කළ යුතුයි. රාජ්‍ය සේවා කොමිසමට ඇති බලය කැබිනට් අනුකාරක සභාවකට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. එම නිසා ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීම සඳහා කොමිෂන් සභාවට සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා.
විෂය භාර අමාත්‍යවරයා ලෙස කළ හැකි සියලුම දේ කිරීම සඳහා මා විසින් අවශ්‍ය කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා රටේ පවතින නීතියට අනුව මිස බලහත්කාරයෙන් කිසිවක් කිරීමේ හැකියාවක් නැහැ. දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර රාජකාරියට වාර්තා කරන ලෙස ඉල්ලීමක් සිදු කරන්නේ ඒ හේතුව මතයි.
මෙවැනි තත්ත්වයක දී රටක් වශයෙන් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව ජනතාවගේ මතය ද විමසිය යුතුයි. වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ සිටින රියැදුරන් ඇතුළු සාධාරණව කටයුතු කරන බහුතර සේවක පිරිසක් අඛණ්ඩව රාජකාරියේ නිරත වනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, කම්කරුවන් ඇතුළු 18000 කට අධික පිරිසක් ජනතාව වෙනුවෙන් තම රාජකාරිය නිවැරදිව ඉටු කරනවා. මේ වර්ජන ව්‍යාපාරය දියත් කර තිබෙන්නේ 84 දෙනෙකු වැනි ඉතා කුඩා කණ්ඩායමක්."
රජයක් ලෙස කටයුතු කිරීමේ දී ගමේ චණ්ඩි හැසිරෙන ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නැහැ. අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කැබිනට් අනුකාරක සභාවක් විසින් මේ තීරණ ගනු ලැබුවේ."