Thursday, March 26, 2026
Follow Us
පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ලකුණ ගැන සාකච්ඡාවක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානයේ තනතුරු සහ ලකුණ පිළිබඳ සාකච්ඡාවක් අද (10) පැවැත්වෙනවා.

ඒ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීයි.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයින්ද මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතව තිබෙනවා. නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය මතු කළ කරුණු පිළිබඳවද අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරෙනු ඇති.

(Neth)