Monday, February 09, 2026
Follow Us
යුක්තියට හඬක් මංගල සමුළුව මහින්දගේ හා ගෝඨාගේ ප්‍රධානත්වයෙන් අද

‘‘යුක්තියට හඬක්’’ සංවිධානයේ මංගල සමුළුව අපේගම පරිශ‍්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන්.

වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය හේතුවෙන් දේශපාලන පලිගැනීමට ලක්වූ ජනතාව, දේශපාලන බලපෑම් මත සේවා ස්ථාන මාරුවීම් ලද පුද්ගලයින් සහ දේශපාලන පලිගැනීම් හේතුවෙන් උසස්වීම් නොලද පාර්ශව මෙම සමුළුව සඳහා සහභාගීවීමට නියමිතයි.

එමෙන්ම දේශපාලන කරුණු මත මානසික වධහිංසාවට ලක්වූ පවුල්වල සාමාජිකයින් ද මෙම සමුළුවට සහභාගීවිමට නියමිතව තිබෙනවා. ඉදිරි රජයකදී මෙම පාර්ශව සඳහා සාධාරණයක් ඉටු කිරීම සඳහා ක‍්‍රමවේදයක් සැකසීමට බලකිරීම මෙම සමුළුවේ ප‍්‍රධාන අරමුණයි.

(Neth)