ජාතික මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව හා එජාප නායකත්වය පිළිබඳව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසනවා.
ජාතිභේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව වැදගත්ම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව මුස්ලිම් බහුතරයකගේ විශ්වාසය බවයි ෆවුසි මහතා වැඩිදුරටත් පවසන්නේ.
ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ද මුස්ලිම් ජාතිකයන්ගෙන් අතිශය බහුතරය එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවට කිසිදු සැකයන් නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට ආණ්ඩු පක්ෂයට සහාය පළ කරමින් සිටී.
(LNW)