තමන්ට ජනාධිපති තනතුර හිමි වුවහොත් දිනපතා පාන්දර 4.00 ට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා නිදිමරාගෙන වැඩ කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වෙයි.
එසේ වැඩ කටයුතු කර තමන් මේ රට ගොඩගන්නා බවයි ඒ මහතා අවධාරණය කළේ.
"ඔබලා මේ රාජ්‍ය බලය කියන හස්තය මට ලබා දුන්නොත්, මේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව හස්තිරාජගම විවෘත කරන අවස්ථාවේ තමුන්නාන්සෙලා තීන්දු කළොත්, ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද නොතකා ඒ හයිය මට ලබා දෙන්න, මං ඔබලට පොරොන්දු වෙනවා දිනපතා උදේ 4.00ට නැගිටලා දිනපතාම රාත්‍රී 12.00 වන තෙක් නිදි මරාගෙන වැඩ කරලා මම මේ රට ගොඩගන්නවා කියලා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
කෙසේවෙතත් දිනපතා නිදිමරාගෙන පැය 20ක් වැඩ කරන්නේ නම් එම පුද්ගලයාගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය ඉතාම කෙටිකලක් තුළ ඉතාම බරපතළ ලෙස පිරිහෙනු ඇති හෙයින් සජිත් ප්‍රේමදාස මහතාට ඇත්තෙන්ම ආදරය කරන අය කළ යුත්තේ ඔහුට රාජ්‍ය බලය නොදී සිටීම බවයි මින් පැහැදිලි වන්නේ.
(LNW)