Monday, February 09, 2026
Follow Us
පොහොට්ටුවෙන් නෙවෙයි එන්න තිබුණේ වතුර මෝටරෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැළපෙන්නේ පොහොට්ටුව ලකුණ නොව වතුර මෝටරය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයාතිස්ස මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (01) කොළඹදී පැවති ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි.

මහින්ද,මෛත්‍රී,යූඑන්පි යන සියලු පාර්ශව ප්‍රගුණ කර ඇත්තේ හොරකම, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කුඩු ජාවාරම්, සූදු කෙළිම් වැනි ක්‍රියාවන් බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.

පසුගිය කාලය තුළ පළවූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව පැහැදිලි කළේය.

මෙවැනි වාතාවරණයන් තුළ දේශපාලනය ගැන ජනතාවට කළකිරීමක් ඇතිවීම සාධාරණ බවයි ඔහු කියාසිටියේ.

(LNW)