Thursday, May 02, 2024
Follow Us
ඇමති රිෂාඩ් බදුර්දීන් අමාත්‍ය මණ්ඩලය ගොනාට අන්දයි… හදපු ප්‍රතිපත්තියක් හදන්න අවසර ගනී

පසුගිය සතියේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් කර්මාන්ත ප්‍රතිපත්තියක් සෑදීමට අවසර ඉල්ලා ඇත.

නමුත් ඔහුගේ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු lanka lead news වෙත ලබාදුන් තොරතුරු අනුව විදේශිකයකුගේ මදිහත්වීමෙන් දැනටමත් ප්‍රතිපත්තියක් හදා අවසන් කොට ඇති අතර ඊට අනුමැතිය ගැනීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඇමැතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති බවය.

එසේ රහසේ සකස් කරන ලද එම ප්‍රතිපත්තියට අදාළ ව කිසිදු ආකාරයකින් මහජන අදහස් ලබාගැනීමක් කර නොමැති අතර ඊට නායකත්වය දෙන්නේ හොර රහසේ වෙළඳ ප්‍රතිපත්ති හැදූ බවට චෝදනාවට ලක් වූ රවී රත්නායක නැමැති නවසීලන්ත පුරවැසියෙකු බව ද වාර්තා වේ.

(Lanka Leads)