Thursday, May 02, 2024
Follow Us
අපේ ජනපති අපේක්ෂකයා සැප්තැම්බර් නම් කරනවා – කුමාර් ගුණරත්නම්

පවතින වංචනික දේශපාලන ක්‍රියාදාමය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ගෙනෙන සමාජවාදී විකල්පයක් ලෙස එළැඹෙන සැප්තැම්බර් මස මුල සතියේ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පැවසීය. බත්තරමුල්ල පෙරටුගාමී පක්ෂ කාර්යාලයේදී ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවේය.

මේ වන විට ජනාධිපතිවරණය අරුමුණු කරගෙන දේශපාලන පක්ෂ අපෙක්ෂයන් නම් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ දේශපාලන ගැටලු සම්බන්ධයෙන් ඔවුන් විවිධ අදහස් පළ කරනවා. එක්සත් ජාතික පක්ෂයට තාම බැරිවෙලා තියෙනවා අපේක්ෂකයා පත් කරගන්න. විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙන්නෙක් මේ වන විට නම් කරලා තිබෙනවා. පසුගිය අවුරුදු හතරක කාලය තුළම මේ රටේ පැවතුණු රනිල්-මෛත්‍රී පාලනයත් ඉන් පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන ගිය පාලනය සාධාරණීකරණය කරන්න මේ අපේක්ෂකයෝ ජනාධිපතිවරණයට එන්න ලෑස්ති වෙනවා. එක්සත් ජාතික පක්ෂය සේවය කරලා නෑ රටට. රාජපක්ෂලත් කරපු දෙයක් නෑ. දෙගොල්ලොම කරේ රට විනාශ කරපු එක විතරයි. මේ රටේ ජනතාවට විවිධ බොරු මවා පාලා මේ දේශපාලනඥයෝ ජනතාව අසරණ කරලා. දැන් අපේ රටට අවශ්‍ය දේශපාලන විකල්පයක්. නිවැරදි ආර්ථික විසඳුමක් සහිත ඉදිරි ගමනක් වෙනුවෙන් අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.’’

(Lanka Leads)