Thursday, May 02, 2024
Follow Us
ශ්‍රීලනිප ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රී. තවමත් එහි වෙනසක් නෑ - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉදිරිපත් කළ යුතුය යන තීරණයෙන් පක්ෂය තවමත් බැහැර වී නොමැති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බැවින් ජනාධිපතිවරයාම හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ වෙනත් පුද්ගලයකු හෝ ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් ඉදිරියට ඒමේ හැකියාව තවමත් පවතින බවයි දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය මෙන්ම පක්ෂයේ බිම්මට්ටමේ ඉල්ලීම් ද සලකා බලා පක්ෂය ශක්තිමත් කරමින් අවසන් තීන්දුවකට එළඹෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

(LNW)