Friday, May 03, 2024
Follow Us
අත්‍යවශ්‍ය සේවාවක් සම්බන්ධයෙන් "අති විශේෂ ගැසට් නිවේදනයක්"

දුම්රිය සේවාව අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ කාලය දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි පියවර ගෙන තිබෙනවා.

මිට පෙර දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය යළි දීර්ඝ කරමින් අද (27) දින ජනාධිපතිවරයා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම ගැසට් නිවේදනයට අනුව මගීන් හා භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් සඳහා වන දුම්රිය සේවාවන් හා ඊට අදාළව දුම්රිය මාර්ග නඩත්තුව, නිසි ආරක්ෂාව සැපයීම සඳහා වන සංඥා පද්ධති සහ මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුව කළ යුතු සියලුම සේවාවන් ආවරණය වන පරිදි එය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇත.

Sin Gazette

(Neth)