Friday, May 03, 2024
Follow Us
සාකච්ජාව ඉතාම සුහදව කෙරුණා - රටට හොඳ පණිවිඩයක් අපි ඉක්මණින් දෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ජා ඉතාම සුහදව සිදුකෙරුණු අතර ඉතා ඉක්මණින් රටට හිතකර පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් පැවසූහ.

ඔවුන් මේ බව සඳහන් කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ විශේෂයෙන් සාකච්ජා නොකළ අතර ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව අද දින අවධානය යොමු කළ බව ඔවුහු ප්‍රකාශ කළහ.

අද පැවති සාකච්ජාවල සාර්ථකභාවය මත ඉදිරි දිනයකදී ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකයා අතර සාකච්ජාවක් පැවැත්වෙන බවත් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි මන්ත්‍රීවරු පැවසුවේ.

ජනාධිපති අපේක්ෂකයාට වඩා වැදගත් වන්නේ වැඩපිළිවෙළ සහිත ප්‍රතිපත්තිය බව ඔවුන් වැඩිදුරටත් කියාසිටියේය.

(LNW)