Thursday, May 02, 2024
Follow Us
පොහොට්ටුව සමඟ සාකච්ඡා අසාර්ථක නම් ශ්‍රීලනිපය තනිව ජනාධිපතිවරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඊයේ (26) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.

කෙසේවෙතත් පොහොට්ටුව සමඟ සාකච්ඡා ඉදිරියටත් පැවැත්වෙන අතරම එම සාකච්ඡා තුළින් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් මෙසේ තනි පක්ෂයක් ලෙස තරගවැදීමේ තීරණයකට එළඹුණු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසුවේ.

එසේම ශ්‍රීලනිපයේ පුරප්පාඩුවී තිබුණු තනතුරු ගණනාවක්ම පුරවනු ලැබුණු බව පැවසූ ඒ මහතා තමන්ට ද ශ්‍රීලනිප උපලේකම් තනතුරක් හිමි වූ බවත් ප්‍රකාශ කළේය.

නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)