Thursday, May 02, 2024
Follow Us
එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද රනිල් හමුවී අපේක්ෂකයා ගැන කතා කරති

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග අද (27 වැනිදා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එජාප සභාපති මහා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් පවසයි.

මෙම හමුවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙන්ම අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන්ද දින වකවානු තීරණය කෙරෙනු ඇතැයි ඇමැතිවරයා කියයි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය ඉවත් කරගෙනද යන්න ගැටලුවක් බවද පැවසේ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා අද (27 වැනිදා) පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ගැටලුවක් නොමැති බවත්, නැතකට අනුව එය හෙලිකරන බවත් පැවසීය. මේ වන විට මහින්ද රාජපක්ෂද භියවී සිටිනවා. ඔවුන් හිතාගෙන හිටියේ බන්දේසියක තබා ජනාධිපතිකම ලැබෙයි කියා. නමුත් එහෙම වෙන්නේ නෑ. දුප්පත් අයගේ දුක හඳුනන ජනතාව ඉල්ලන අපේක්ෂකයකු අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පත්කර ගන්නවා. ඒ සඳහා ගැටලුවක් නැහැ’’යැයිද ඇමැතිවරයා පැවසීය.

(Aruna)