Friday, May 17, 2024
Follow Us
සජිත් පාර්ශ්වය අරලියගහ මන්දිරය වැටළීමේ තීරණයක

අගෝස්තු 30 වනදාට පෙර සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් ලක්ෂයක සෙනඟක් කොළඹට රැගෙනවිත් අරලියගහ මන්දිරය වැටළීමට සජිත් පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගිය 23 වනදා මාතරදී පැවති "සජිත් එනවා" රැළියේ සාර්ථකත්වය මත ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

තවදුරටත් දුරබැහැර ප්‍රදේශවල රැස්වීම් පවත්වා තේරුමක් නොමැති බවත් හැකි උපරිමයෙන් කොළඹට සෙනඟ ගෙන්වා අරලියගහ මන්දිරය වටළා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම දැනෙන පරිදි උද්ඝෝෂණය කළ යුතු බවයි ඔවුන් සාකච්ඡා කර ඇත්තේ.

අරලියගහ මන්දිරයේ සියලු ප්‍රවේශ මාර්ග අවහිර වන පරිදි තුන් පැත්තෙන්ම වටළා අග්‍රාමාත්‍යවරයා නිවාස අඩස්සියේ තබාගෙන සිය බලය පෙන්විය යුතුය යන්න ඔවුන්ගේ අදහස වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳ යම් ඉඟියක් ඊයේ (26) රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාආරච්චි මහතා ද තංගල්ලේ පැවති උත්සවයකදී ලබාදුන්නේය. රටපුරා සිටින සජිත් පාක්ෂිකයින් කොළඹට කැඳවා උද්ඝෝෂණය කිරීමට තමන් සූදානම් බවයි ඒ මහතා එහිදී පැවසුවේ.

(LNW)