Friday, May 17, 2024
Follow Us
රනිල්ට ඇලෝසියස් ගෙන් මිලියන 75ක සල්ලි මල්ලක්…මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට සියල්ල හෙළි කරන්නට සූදානම්

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිත අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 75ක මුදලක් ඔහුගේ නිවෙසට ගෙන ගොස් භාර දී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

වාර්තා වන අන්දමට මෙම මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් බාරදී තිබෙන්නේ 2015-07-23 වැනිදා කොළඹ 3 පස්වැනි පටුමගේ හි පිහිටි වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේදීය. මෙදින රාත්‍රී අටට පමණ අර්ජුන ඇලෝසියස් මහතා එම නිවසට පැමිණෙන බව දැනුම් දීමෙන් පසුව ඔහුට කෙළින්ම තම නිවසට පැමිණීමට ඉඩ දෙන ලෙසට ආරක්ෂක අංශවල ද දැනුම් දී තිබුණු බව වාර්තාවේ.

පුවත්පත් වාර්තා කරන ආකාරයට ඇලෝසියස් මහතා වික්‍රමසිංහ මහතාගේ නිවෙසට යන අවස්ථාවේ තවත් පුද්ගලයකු එහි සිට ඇති අතර වික්‍රමසිංහ මහතා ඇලෝසියස් මහතාගේ නිවසේ වෙනත් කාමරයකට කැඳවාගෙන ගොස් රුපියල් මිලියන 75ක මුදල් බෑගය ලබාගෙන තිබේ. පැය භාගයකට පමණ පසුව ඇලෝසියස් මහතා වික්‍රමසිංහ මහතාගේ නිවසින් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාවේ තවත් ප්‍රධාන සැකකරුවකු වන මහ බැංකුවේ අධිපති ඇලෝසියස් ගේ මාමණ්ඩිය වන අර්ජුන මහේන්ද්‍රන් මේ ගනුදෙනු සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සිංගප්පූරුවේ සිට අනාවරණය කිරීමට සූදානමින් සිටින බවට ද පුවත්පත්වලින් වැඩිදුරටත් වාර්තා කරයි.

(Lanka Leads)