Wednesday, October 23, 2024
Follow Us
එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු 132 න් 97 ක් සජිත්ව යෝජනා කරති

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක් (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති මෙම සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 97 දෙනෙකුම සහභාගී වූ බව අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා නියෝජිතයන් අතර මෙම හමුව තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉතා පහසුවෙන්ම ජයග්‍රණය කිරීමට හැකියාව පවතින බවයි.

මෙම විශේෂ සාකච්ජාව සඳහා තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියන්ද ඉරාන් වික්‍රමරත්න,නලින් බණ්ඩාර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එස්.එම් මරික්කාර් සහ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වී තිබේ.

(Lanka Leads)