Wednesday, October 23, 2024
Follow Us
ජනාධිපති අපේක්ෂක ගෝඨා ගැන පළවන මත පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව පැහැදිළි කරයි

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයාගේ නම, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව තිබීම අනිවාර්ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2010 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග කළ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ද ඒ වනවිට ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත්ව නොතිබුණු බවයි මෙහිදී සිහිපත් කෙරුණේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරුණද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය අවසරය හිමිවේදැයි මේ වනවිට කතාබහක් පවතිනවා.

මෙම කතාබහට හේතු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ සහ ඡන්දහිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබේදැයි පවතින මතභේදයි. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමිනුයි මැතිවරණ කොමිෂන් සභාව ඉහත කරුණු දැක්වූයේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම 2018 ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇතැයිද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)