Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රීලනිපය සජිත්ගේ ඔඩොක්කුවේ තියන්න හදන කට්ටියක් ඉන්නවා - එස්.බී. පිළිගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනගොස් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඔඩොක්කුවේ තැබීමට සූදානම් පිරිසක් ද ශ්‍රීලනිපය තුළ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

කෙසේවෙතත් එය සාර්ථක කරගැනීමට කිසිදා ඉඩ නොතබන බවයි ඒ මහතා අවධාරණය කළේ.

ශ්‍රීලනිපය කිසිදු පක්ෂයකට දෙවැනි විය යුතු නොමැති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගොඩනඟන සන්ධානයකදී එහි නායකත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම එවන් සන්ධානයකදී ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේ අයිතියද අනිවාර්යයෙන්ම පොහොට්ටුවට ලබාදිය යුතු බවත් ඒ මහතා තරයේ ප්‍රකාශ කළේය.

එස්. බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (18) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)