Wednesday, October 23, 2024
Follow Us
ත්‍රස්ත කල්ලියකින් තර්ජනයක් – ගෝඨාගෙන් ජනපතිට පැමිණිල්ලක්

ඉදිරි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ උතුරේ ත්‍රස්ත කල්ලියක් තමන්ට අනතුරක් සිදුකිරීමේ අරමුණින් සැලසුම් කරන බව ස්වකීය බුද්ධි නිලධාරීන් තමන් දැනුම්වත් කර ඇති බැවින් ඒ ගැන විමර්ශනයක් කර සුදුසු පියවරක් ගන්නා ලෙස පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ.

තමන් වෙත ලැබී තිබෙන තොරතුරු අනුව තමන්ටත් ඩග්ලස් දේවානන්ද මහතාට සහ කරුණා අම්මාන්ටද මෙම තර්ජනය එල්ල වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් කළ බව මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කීය. ස්නයිපර් ගිනි අවියක් සහ මැලේසියාවෙන් ගෙන්වන ලද විශේෂිත වර්ගයක තුවක්කු මෙම ප්‍රහාරය සඳහා යොදවා ගැනීමේ උත්සාහයක් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
රාජපක්ෂ මහතාගේ පැමිණිල්ලෙන් පසුව පොලිස් ත්‍රස්ත විමර්ශන අධ්‍යක්ෂවරයාට මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

Deshaya