Wednesday, October 23, 2024
Follow Us
මුස්ලිම් කොන්ග්‍රසය තාමත් වැට උඩ !

ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් නිශ්චිතව නම් කිරීමෙන් පසු සහයෝගය ලබා දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කරන බව එම පක්ෂයේ නායක රාවුෆ් හකීම් මහතා පවසයි.

අපේක්ෂකයන් නම් කිරීමෙන් පසු, ඔවුන් ලබාදෙන පොරොන්දු හා ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කිරීමෙන් පසු සහාය ලබාදෙන අපේක්ෂකයා තීරණය කරන බවයි හකීම් මහතා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ.

පසුගිය මහ මැතිවණයේදී එක්සත් ජාතික පෙරමුණ හා එක්ව තරග කළ ජනතා කොන්ග්‍රසය තවමත් රජයේ පාර්ශ්වය නියෝජනය කරයි. එම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී එජාපයට සහයෝගය ලබාදෙන බව මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ස‍හයෝගය ලබාදෙන බව ද පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

මුස්ලිම් ජනතාව නියෝජනය කරන සෙසු ප්‍රධාන දේශපාලන පක්ෂය වන රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.

(LNW)