Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රීලනිපය බේරාගන්න නම් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුමයි - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට නම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයකු අනිවාර්යෙයෙන්ම ඉදිරිපත් කළ යුතු බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

තම පක්ෂය ශක්තිමත් කිරීම සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය ස්ථාවරයේ පක්ෂයක් ලෙස තමන් පසුවන බවයි ඒ මහතා සඳහන් කළේ.

එහෙත් මේ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව පැවසූ ඒ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයෙන් පසුව තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (16) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)