Wednesday, October 23, 2024
Follow Us
ජනපති මෛත්‍රීට පොහොට්ටුවෙන් ගෝඨා යටතේ නියෝජ්‍ය අගමැති තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ නම් ඉදිරි මැතිවරණ වලින් පසු පිහිටුවන ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයත් දරණ නව රජයක නියෝජ්‍ය අගමැති ධුරයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙවැනි තනතුරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නැතත් තමන්ට භාවිතාවෙන් මෙම තනතුර පිහිටුවිය හැකි බවත් තනතුරට අදාළ බලතල ගැන දෙපාර්ශ්වය සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන පසුකලෙක අවශ්‍ය නම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමටත් හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් බව පැවසූ වාසුදේව මහතා තමන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)