Sunday, September 08, 2024
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරන දිනය කියයි

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය සැප්තැම්බර් 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා. ඒ, කොළඹ අද (15) පෙරවරුවේ ආරම්භ වූ මාධ්‍ය හමුවකදීයී.

මේ අතර නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කැමැත්තෙන් පසුවන බවයි. එසේ සන්ධානගතවීමේදී පක්‍ෂයේ අනන්‍යතාව අනිවාර්යයෙන්ම ආරක්‍ෂා විය යුතු බවද මන්තී‍්‍රවරයා සඳහන් කළේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බවයි මන්ති‍්‍රවරයා සඳහන් කළේ. කෙසේවෙතත් එම සාකච්ඡා නිදහස් පක්‍ෂයේ සම්මේලනයට පෙර අවසන් විය යුතු බවද ප‍්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මාධ්‍ය හමුවේ කියාසිිටියේ දැනටමත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරයකගේ සහාය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇති බවයි. නිදහස් පක්‍ෂයට මීට පෙර තිබූ ඡන්ද පදනම මේ වනවිට අඩු වී ඇති බවද මන්තී‍්‍රවරිය ප‍්‍රකාශ කළා.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය කේන්‍ද්‍ර කර ගනිමින් සිය සංවිධාන ශක්තිය තවදුරටත් පුළුල් කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 21 වැනිදා සිට දින 10 ක කාලයක් වෙන් කර ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සතුව මේ වනවිට නොමැති සංවිධාන අලුතින් ස්ථාපිත කිරීම සඳහායි. ඒ යටතේ තරුණ සහ නීතිඥ සංවිධාන පිහිටුවීමද සිදුවනු ඇති.

(Neth)