Friday, October 18, 2024
Follow Us
එජාප පානදුර සංවිධායක ධූරය මහින්ද සමරසිංහට

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසනය සංවිධායක ධූරය ලබා දීමට පක්ෂ නායකත්වය එකඟ වී ඇති බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

මෙම පත්වීම මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට පැමිණීමත් සමඟම ලබා දීමට නියමිතය.

මේ වන විට පානදුර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ නන්දන ගුණතිලක මහතාය.

මහින්ද සමරසිංහ මහතා මේ වන විට විදෙස් ගතව සිටින අතර ඔහු පානදුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායකයා ලෙසද කටයුතු කරමින් සිටියි.

(Lanka Leads)