Sunday, September 08, 2024
Follow Us
පොහොට්ටුවේ නායකත්වය බාර ගත් මහින්දට විපක්ෂ නායක ධුරය අහිමිවන ලකුණු?

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම නිසා ඔහුට තවදුරටත් විපක්ෂ නායක ධුරය දැරීමට නීතිමය හැකියාවක් ඇත්දැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

14 කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, පසුගිය ඉරිදා දිනයේ දී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් බවත්, මහින්ද මහතා පාර්ලිමේන්තු පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එවැනි වෙනත් පක්ෂයක සමාජිකත්වය ගැනීමෙන් එතුමාට තවදුරටත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක ධූරය දැරීමට සාධාචාරත්මක පසුබිමක් ඇති ද යන්න පිළිබඳව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී පැවසිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(Lanka Leads)