Sunday, September 08, 2024
Follow Us
අත සෝදාගත් කළ සජිත් අපේක්ෂකත්වයටත් සුදුසුද ?

පසුගිය 12 වනදා බදුල්ලේ පැවති රැළිය සඳහා තමන්ව කරමතින් වේදිකාව කරා ගෙන ආ පාක්ෂිකයින්ගේ දහඩිය තැවරුණු තම දෑත වේදිකාව මත සිටම සෝදන සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් තිබේ.

ගම්මට්ටමේ, බිම්මට්ටමේ, තම්මැට්ටමේ ජනතාව ගැන තුන්වේල පුරා මයික් කටවල් ඉදිරියේ බෙරිහන් දුන්නද, දුප්පතාගේ දුක දන්නා බව මාධ්‍ය හරහා පෙන්වීමට හැදුවද සජිත් ප්‍රේමදාස යනු දුප්පතාගේ දහඩිය පිළිකුල් කරන්නෙකු බව මෙම සිද්ධියෙන් යළිත් මොනවට ප්‍රදර්ශනය කෙරිණි.

අනෙක් අතට සජිත්ට අත සෝදාගැනීමට වුවමනා වී නම් එය වේදිකාවෙන් පැත්තකට ගොස් පිළිවෙලට කරගැනීමේ හැකියාව ඕනෑ තරම් තිබිණි. එහෙත් ඔහුට ජනතාවගේ දහඩිය ගෑවීම, සාමාන්‍ය මිනිසුන් තම රාජකීය දෑත් ස්පර්ශ කිරීම විනාඩියක්වත් ඉවසා සිටිය නොහැකි වූ අතර ඔහු කළේ අසුනේ හිඳගත් වහාම සිය ආරක්ෂක නිලධාරියා ලවා පානීය ජල බෝතලයක් අතට වත්කරවාගෙන වේදිකාව මතම, තම දෙපා මුලම වතුර විසිරෙන ලෙස දෑත් සෝදා ගැනීමය.

සජිත්ට ඔතැනදී අත් සේදීමේ වුවමනාව වෙනුවට මූත්‍රා බරක් පැමිණියේ නම් සිදුවන්නේ විනාශයකි.

සජිත් හෙවත් OGB

රටේ ජාතික නායකත්වයට තමන් සරිලන බව මවා පෙන්වීමට උත්සාහ කළත් සජිත් ප්‍රේමදාස යනු බේබි කෙනෙකි. සජිත්ව එක්සත් ජාතික පක්ෂය තුළ හැඳින්වෙන්නේ OGB යන නමිනි. ඒ, Over grown baby යනුවෙනි. සජිත් ශරීර ප්‍රමාණයෙන් අලි පැටියකු තරමට වැඩී සිටියත් මනසින් තවමත් ළදරුවෙකි.

ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ගෙදරින් අම්මා ඔතා දෙන සැන්ඩ්විච් එක සහ කෙසෙල් ගෙඩියත් රැගෙනය. පාර්ලිමේන්තු කැන්ටිමේ මොනවා කොතරම් රසට, සත පනහට තිබුණත් ඔහු කන්නේ නැත. නිවසේදී තවමත් ඇතැම් දිනවල ඔහුට අම්මා විසින් බත් කැවිය යුතුය. ඔහු වයස අවුරුදු 52ක බබෙකි.

එජාපයේ සහ මහින්දගේ වෙනස

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යනු ද නෙළුම් කොළයේ බත් කා අත පිස ගැනීමට නැප්කින් ඉල්ලන අයෙකු වන අතර මහින්ද රාජපක්ෂ යනු ගෙවල්වල කුස්සියටම වැදී රොටී පුච්චාගෙන කා මැටි කළයෙන් වතුර නවාගෙන බී සරමෙන් අත පිසදාගෙන එන අයෙකි.

ගම්මට්ටම, බිම්මට්ටම ගැන ඇත්ත කතාව ඕකය. සජිත් දන්නා කලක පටන් උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂව කොපි කිරීමටය. සජිත් රාජපක්ෂ කෙනෙක් වීමටය. එහෙත් එයත් සාර්ථක කළ නොහැකි බව සජිත් වේදිකා මතම වතුර හළමින් ඔප්පු කරමින් සිටී.

අනෙක් අතට අපේ ප්‍රතිචාර අවශ්‍යත් නැත. මේ වේදිකාව මතම සිටින සුජීව සේනසිංහගේ මුහුණ බලන්න. සජිත්ගේ අත සේදීම බලා සිටින සුජීවගේ මුහුණේ හැඟීම කියවන්න. වචන දාහකින් කියනු බැරි කතාවක් සුජීවගේ මුහුණ පවසනු ඇත.

අපට ප්‍රශ්නය ඇත්තේ මේ දේශපාලනික ළදරුවා සමඟ නොවේ. ඔහුව කරතබාගෙන, එකම විකල්පය ඔහු බව පෙන්වමින් සිය පෞද්ගලික න්‍යායපත්‍ර එළාගෙන යන ජ්‍යේෂ්ඨ දේශපාලකයින් සමඟය.

(LNW)