Wednesday, October 23, 2024
Follow Us
ජනාධිපතිවරණයේදී TNA සහය දෙන හැටි පැහැදිළි කරයි

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කිසියම් පාර්ශ්වයකට සහය ලබා දෙන්නේ පුද්ගල චරිත අනුව නොව ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන් අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසනවා.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මෙතෙක් දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹ නොමැති බවයි.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු සිය නායකයන් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)