Tuesday, February 24, 2026
Follow Us
ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුරද..? ගාමිනිද..?

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෝ හිටපු විගනකාධිපති ගාමිනි විජේසිංහ මහතා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂයා ප්‍රකාශ කිරීම සඳහා වූ ජනරැළියක් එළැඹෙන 18 වැනි දා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළේය.

(Lanka Leads)