Tuesday, October 22, 2024
Follow Us
එජාපය අපේක්ෂත්වය නොදුන්නොත් සජිත්ව වෙන පක්ෂෙකින් දානවා - දිලිප් හෙළිකරයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා පවසයි.

කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ සජිත් ප්‍රේමදාස මහතාව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි ඒ මහතා අවධාරණය කර තිබේ.

අපේක්ෂත්වය ලබාගැනීමට නොහැකි වුවහොත් සජිත් පාර්ශ්වය පක්ෂය බිඳගෙන ගොස් වෙනත් පක්ෂයකට එකතුවීමේ සූදානමක් පවතින බව අපි මීට පෙර අනාවරණය කළෙමු. සජිත්ගේ සමීපතමයකු වන දිලිප් වෙද ආරච්චි මහතා විසින්ම දැන් එය තහවුරු කර ඇත.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදෙන ලෙසත් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් තමන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

(LNW)