Tuesday, October 22, 2024
Follow Us
ජනපති අපේක්ෂක ගෝඨාභය අද අනුරාධපුරයට

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එක්වනු ඇති.

ඉන් අනතුරුව හෙට (13) උදෑසන මෙම පිරිස ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සදහන් කළේය.

මේ අතර ඊයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයින් කැළණිය රජ මහා විහාරස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

(Lanka Lead News)