Tuesday, October 22, 2024
Follow Us
"මේ අවස්ථාවේ කිසිවක් ප්‍රකාශ කරන්න බෑ" - වෙල්ගම කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ද සම්බන්ධ කර ගත්තා.

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහුගේ නමද යෝජනා වී තිබීම ඊට හේතුවයි.

එහෙත් මෙම අවස්ථාවේදී කිසිදු ප‍්‍රකාශයක් ලබාදිය නොහැකි බව මන්ත‍්‍රීවරයා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මීට පෙර අවස්ථාවකදී නෙත් නිවුස් වෙත කියා සිටියේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බැවින් එහි තීන්දුව අනුව කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මන්ත‍්‍රීවරයාගෙන් අද (12) යළිත් ප‍්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් මන්ත‍්‍රීවරයා පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තීන්දුවක් ගතහොත් තමන් ඒ සමග සිටින බවයි.

වැරදි තීන්දුවක් ගතහොත් ඊට එකඟ විය නොහැකි බවද මන්ත‍්‍රීවරයා පැවසුවා. එහෙත් නිවැරදි තීන්දුව කුමක්දැයි තමන්ගෙන් ප‍්‍රශ්න නොකරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.