Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධාන සාකච්ඡා යළිත් ලබන සතියේ සිට - මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය බිහිකිරීම සඳහා වන සාකච්ඡා ලබන සතියේ සිට යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය සහභාගී නොවූවත් තම සුබපැතුම් ඊට එක්කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

පොහොට්ටුව සමඟ ඉදිරි සන්ධාන සාකච්ඡා තුළදී ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරගවැදීමේ සැලසුම් පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු වාමාංශික බලවේග එකතු කරගෙන නව පෙරමුණක් නිර්මාණය කිරීම තමන්ගේ අරමුණ බවත් ඒ මහතා අවධාරණය කළේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)