Tuesday, October 22, 2024
Follow Us
පොහොට්ටු සමුළුව වර්ජනය කරනවා - දයාසිරි ජයසේකර

හෙට (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සඳහා පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර නොමැති බැවින් ඒ සඳහා සහභාගි නොවීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

සාමන්‍යයෙන් මෙවැනි සමුළු සඳහා දේශපාලන පක්ෂවලට හා එහි නායකයන්ට ආරාධනා කිරීම සම්ප්‍රදායය බව දයාසිරි ජයසේකර මහතා පවසනවා. ලබන මාසයේදී පැවැත්වෙන ශ්‍රීලනිප සමුළුව සඳහා ද ඒ ආකාරයෙන්ම සියලු පක්ෂවලට නිළ වශයෙන් ආරාධනා කර ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව පොදුජන පෙරමුණේ සමුළුව සඳහා ආරාධනා කර ඇති නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර නොමැති බැවින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඒ සඳහා සහභාගි විය නොහැකි බවයි ලේකම්වරයා පවසන්නේ. පක්ෂයක් ලෙස එවැනි තීරණයක් ගෙන තිබියදී ඊට පිටින් යමින් යම් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ සමුළුව සඳහා සහභාගි වන්‍නේ නම් එය ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා ගන්නා පියවරක් ලෙස සැලකීමට සිදුවන බව ද ශ්‍රීලනිප මහ ලේකම්වරයා අවධාරණය කරයි.

(LNW)