Tuesday, October 22, 2024
Follow Us
රහසින් ගෝඨා හමුවෙන්න ගියා. අපි යාළුයි - කබීර් පිළිගනී

ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා තමන් ඔහුගේ නිවසට ගිය බවත් තමන් පමණක් නොව සාගල රත්නායක අමාත්‍යවරයා ද ඔහුව හමුවීමට පැමිණ සිටි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, සජිත් පාර්ශ්වයේ ක්‍රියාකාරික කබීර් හෂීම් මහතා මාධ්‍ය ඉදිරියේ පිළිගත්තේය.

එසේම තමන් පමණක් නොව තවත් අය ඔහුව හමුවීමට ගියාදැයි තමන් නොදන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.

තමන් අතර දේශපාලනික සතුරුකම් පැවතියත් පුද්ගලිකව සතුරුකම් නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

කෙසේවෙතත් කබීර් හෂීම් මහතා සහ සාගල රත්නායක මහතා මෙසේ රහසින් ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඩීල් දැමීම එජාපයේ දැඩි විවේචනයට ලක්ව තිබුණු අතර රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් ද පවත්වමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මොවුන් දෙදෙනාම එජාප පාක්ෂිකයින් සමාව ගත යුතු බවයි.

(LNW)