Tuesday, October 22, 2024
Follow Us
පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානයෙන් පසු මෛත්‍රීට ඉහළ ගෞරවනීය තනතුරක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහළ ගෞරවනීය තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කාම්බෝජ සංචාරය නිමකර දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වීම නිල වශයෙන් ඇරඹීට සියල්ල තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමත් සමග ඉන්පසුව පැවැති සාකච්ඡාවලදී මෙම තීරණවලට පැමිණ ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි

(Lanka Leads)