Tuesday, October 22, 2024
Follow Us
මුස්ලිම් කොංග‍්‍රසයේ තීරණය එජාපය ජනපති අපේක්‍ෂකයා නම් කළ පසුව

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවීමට යෝජනා වී ඇති නව පෙරමුණට එක්වන්නේ දැයි තීරණය කරන්නේ එහි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා. මේ, එහි උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මොහොමඞ් හෆීල්.

ජනාධිපතිවරණය වෙනුවෙන් බිහිවන සෙසු සන්ධාන පිළිබඳව ද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විමසිල්ලෙන් පසුවන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මේ වනවිට විදේශගතව සිටිනවා. ඔහු නැවත පැමිණි පසු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය ලබන සතියේ රැස්වීමට නියමිත බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර කොළඹ ඊයේ පැවැති උත්සවයක් අමතමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ මෙම මාසය තුළ පිහිටුවන බවයි.

(Neth)