Tuesday, October 22, 2024
Follow Us
සජිත් කරු විසිවෙයි? අගමැතිගේ තෝරාගැනීම පාඨලී!

ඉන්න හිතෙන රටක් ඇති කිරීම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 08 කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කළ දෑ අභිමානි උපහාර උළෙල අමතමිනි.

ඉන්න හිතෙන රටක් ගැන කතා කරද්දී මේ වන විට ඇති කර තිබෙන පරිවර්තනයෙන් ජනතාවත් වෙනස් වී සිටින බවයි වික්‍රමසිංහ මහතා කියාසිටියේ.

රටේ පරිවර්තනයක් කළ වත්මන් ආණ්ඩුව සිතුවේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉදිරියට යෑම වුවත් ඒ සඳහා සියළු දෙනා සන්ධානගත වෙමින් සිටින බවයි අගමැතිවරයා පැවසුවේ.

ඒ අනුව දැන් පෙනෙන්නට තිබෙන්නේ සන්ධාන දේශපාලනයක් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අළුත් අදහස් සමඟින් ඉදිරියට නොයන්නේ නම් සන්ධානවලින් වැඩක් නොවන අතර අළුත් අදහස් සමඟ අළුත් සන්ධානයක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බව කියූ වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ මෙම මස අවසාන වීමට පෙර එකී සන්ධානය ගොඩනගන බවයි.

අළුත් අදහස් ගැන කතාකිරීමේදී පාඨලී චම්පික රණවක මහතා පිළිබඳවද කතා කිරීමට සිදුවන බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

'මහ නගරයක් ඇති කරන්න කියල ප්‍රකාශ කළාට පස්සේ එයට වෙනම අමාත්‍යාංශයක් ඇති කරන්නත් කාටද එය දෙන්නේ කියල හිතල බලල එදා චම්පික රණවක ඇමතිතුමාට භාර දුන්නා. එතුමා ඒ කටයුත්ත ඒ විදිහටම කරලා තියෙනවා.'

(LNW)