Tuesday, October 22, 2024
Follow Us
හේතුව නොකියයි…රනිල් එජාපයේ පිරිසක් පමණක් අරලියගහ මන්දිරයේ රැස්වීමකට කැඳවයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා හෙට (09) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.

සාකච්ඡාව සඳහා කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගෙන් කොටසක් පමණි.

සාකච්ඡාවේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය කර හෝ අනාවරණය වී නොමැත.

විශ්වාස කටයුතු දේශපාලන ආරංචි පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ලිපියකට අත්සන් ලබාගනිමින් සිටින බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස කැඳවා ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

(Lanka Leads)