Tuesday, October 22, 2024
Follow Us
‘‘විස්සයි 20ට අපෙන් සජිත්‘‘ පෝස්ටර්යට සජිත් අවුලෙන්

රට පුරා අලවා ඇති ‘‘ විස්සයි 20ට අපෙන් සජිත්‘‘ යන පෝස්ටරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවුලට පත්ව ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ වන අතර එසේ තිබියදී මෙවර පෝස්ටරයක් නිර්මාණය කර රට පුරා අලවනු ලැබුවේ කවුරුන් විසින් කුමන අරමුණක් සඳහාද යන්න පිළිබඳ ගැටළුවක් මතු වීම නිසාය.

මැතිතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වනවිට ජනාධිපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 04 අනිවාර්යෙන් තබන බවට ප්‍රසිද්ධ කර තිබියදී මෙවැනි පෝස්ටරයක් ඇලවීම ගැන සජිත් අවුලට පත්ව ඇති බව වාර්තා වේ. A4 ප්‍රමාණයේ පෝස්ටරයක් මේ සඳහා යොදාගෙන තිබූ අතර පසුව එය අනුකරණය කරමින් සජිත්ට සහාය දෙන පිරිස් මෙය විශාල කර පෝස්ටර් ව්‍යාපාරය දියත් කර ඇති බවද මේ අතර වාර්තා වේ

මෙය සිදුකර ඇත්තේ එජාපය දෙකට බෙදී මේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන සිටින කල්ලියක් විසින් ද යන සැකය ද මේ වන විට සජිත් පාර්ශ්වයට ඇතිව ඇතැයි පැවසේ.

(Lanka Leads)