Tuesday, October 22, 2024
Follow Us
දයාසිරි, දුමින්ද කියන්නේ හරක් පැටව්. ශ්‍රීලනිපය ගොඩ එන්නෙ නෑ ! - ඩිලාන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ හිටපු මහලේකම් දුමින්ද දිසානායක යන දෙදෙනාම හරක් පැටවුන් බවත් හරක් පැටවුන් සමඟ පක්ෂයක් ගොඩගැනීමට නොහැකි හෙයින් තමන් ශ්‍රීලනිපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තමන්ට තවදුරටත් බදුල්ල දිස්ත්‍රික්කය තුළ දේශපාලනය කිරීමේ හැකියාවක් ශ්‍රීලනිපය තුළ නොමැති බැවින් තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු පොහොට්ටුව සමඟ එක්ව සිදුකිරීමට තමන් තීරණය කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

"ජනාධිපතිතුමා මොකද්ද මංදා එකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න හිටියලු. අපි දන්නෙත් නෑ. හැබැයි එහෙම අහන්න හිටියා නම් පක්ෂයක මහලේකම් අගවිනිසුරුත් සම්බන්ධ කරලා ඒක කියනවද මාධ්‍යයට ? එහෙම කියන්න පුළුවන් ගොං හරකෙක්ට විතරනෙ. ඒවගේ හරක් පැටව් ටිකක් දාගත්තාම ශ්‍රීලනිපය ගොඩ එන්නෙ නෑ.

අපි ඉඳලා තමයි එක පැටියෙක් අයින් කළේ. තවත් එක පැටියෙක් ගෙනත් දාගත්තා. අරූගෙ පාට සුදුයි, මුගෙ පාට කළුයි. එච්චරයි වෙනස. දෙන්නම හරක්, කිසි වෙනසක් නෑ. පොඩි වෙනසක් තියනවා, හිටපු එකාගෙ තාත්තා පට්ට ශ්‍රී ලංකා කාරයා මේකාගෙ තාත්තා ශ්‍රී ලංකාත් නෙවෙයි" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)