Tuesday, October 22, 2024
Follow Us
තහනම නොතකා ශ්‍රිලනිප මන්ත්‍රීවරු පහළොවක් පොහොට්ටුවේ සමුළුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා වූ බව එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා අද අනාවරණ කළේය.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.බී.දිසානායක මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

කුමන තහනමක් පැනවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයට එක්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසා සිටියේය.

එජාපයට විරුද්ධව ගොඩනැගෙන පුළුල් ජාතික සන්ධානය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු සංවත්සරයට සුභ පැතුම් එක් කරමින් එම අවස්ථාවට විශාල පිරිසක් එක්වීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කර සියේය.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය දරන ආණ්ඩුවක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)