Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය හැදීමේ කටයුතු අගෝස්තු 16 වනවිට අවසන් - ඩලස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැඟීමේ කටයුතු අගෝස්තු 16 වනදා වනවිට අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

සන්ධානය බිහිකිරීම සඳහා තමන් හොඳ එකඟතාවකට පැමිණ සිටින අතර ඉදිරිපත්ව ඇති සුළු සුළු සංශෝධන අගෝස්තු 16 වනදා වනවිට නිම කිරීමට හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා නොවුණු බව පැවසූ ඒ මහතා එය සාකච්ඡාවට ගැනෙන්නේ අගෝස්තු 10 වනදා බවත් ප්‍රකාශ කළේය.

(LNW)