Tuesday, October 22, 2024
Follow Us
හිස්වූ අසුනට හිස්බුල්ලා යළි පාර්ලිමේන්තු පැමිණීමේ සූදාමින්

ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තමන්ව පත් කරන ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

2015 මහමැතිවරණයෙන් පරාජයට පත්වුවත් ඔහුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු පත් කර තිබුණු අතර ඔහු 2019 ජනවාරි මාසයේදී මන්ත්‍රීධුරයෙන් ඉවත් වූයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය ලබාගැනීම සඳහාය. ඔහුගෙන් හිස්වූ ජාතික ලැයිස්තු අසුනට පත් කෙරුණේ ශාන්ත බණ්ඩාර මහතාවය.

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වුණු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය භාරගැනීම සඳහා ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (07) සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව ශ්‍රීලනිප ජාතික ලැයිස්තු අසුනක් හිස්ව ඇති බැවින් ඊට හිස්බුල්ලා, ජගත් පුෂ්පකුමාර, ප්‍රසන්න සෝලංග ආරච්චි යන මහත්වරුන් අතර දැනට තරගයක් ඇතිවී තිබේ.

(LNW)