Tuesday, February 24, 2026
Follow Us
"පක්ෂයෙන් යන්න වුණොත්" - රන්ජන් පිළිතුරු දෙයි

ඇතැම් භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් තමන් සිදුකළ ප‍්‍රකාශයන් හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් නෙරපනු ලැබුවහොත් තමන් ඉදිරි මහ මැතිවරණයේදී ස්වාධීනව තරග වදින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

එක්සත් ජාතික පක්‍ෂය තමන්ට එරෙහිව ආරම්භ කර ඇති පරීක්‍ෂණය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ස්වාධීනව ඡන්දය ඉල්ලා තමන් පරාජයට පත් වුවහොත් යළිත් සිනමාවට යන බවයි ඔහු කියා සිටියේ.

(Neth)