Tuesday, October 22, 2024
Follow Us
පෞද්ගලිකව ගෝඨා හමුනොවීමට එජාප මැති ඇමතිවරු තීරණයක් ගනී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව හමු නොවිමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සූදානම් වන බවට සිදුවන කතා බහ හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී පෞද්ගලිකව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය එල්ලවීමත් එයට හේතුව වී තිබේ.

එබැවින් මේ අවස්ථාවේ පෞද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ මහතා හමු නොවීමේ තීරණයට එළැඹ තිබේ.

(Lanka Leads)