Tuesday, October 22, 2024
Follow Us
නැකත් පතේ අවුලක් නිසා එජාපෙ සන්ධානය සැප්තැම්බරයට

අගෝස්තු මාසයේ සුබ නැකත් නොමැති බැවින් එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය වන "ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය" සඳහා ගිවිසුම් අත්සන් කිරීම සැප්තැම්බර් මාසය දක්වා කල්දැමෙනු ඇති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අගෝස්තු මාසය යනු නරක මාසයක් බව පැවසූ ඒ මහතා මේ මාසයේදී වැදගත් දේශපාලන තීන්දු ගන්නා අයට එය අසුබ වනු ඇති බවත් අගෝස්තු 05 වනදාට නියමිතව තිබුණු තම පක්ෂයේ සන්ධානය අත්සන් තැබීම කල්යාම දේව ආශිර්වාදයෙන් මෙන් සිදුවූවක් බවත් ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජොකියා ප්‍රකාශයට පත් කළ පසුව ඔහුට ගැළපෙන පරිදි තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ජොකියන් දැකගැනීමට හැකිවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (06) කැබිනට් රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව පිටව යද්දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)