Tuesday, October 22, 2024
Follow Us
ගෝඨා පක්ෂයකට අයිති අපේක්ෂකයෙක් නොවී ජාතික අපේක්ෂකයා විය යුතුයි.. ජාතික බලවේග වල මතයම ශ්‍රීලනිපයත් කියයි

ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට එකඟතාවයක් ඇති වූවොත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ කිසිම පක්ෂයකට අයිති අපේක්ෂකයෙක් නොවී ජාතික අපේක්ෂකයෙක් ලෙස ස්වාධීනව සිතිය යුතු බව ද ඔහු සදහන් කළේය.

මහලේකම්වරයා මෙම අදහස් පළ කළේ හිරු සළකුණ දේශපාලන වැඩසටහන අදහස් පල කරමිනි.

කිසිම හේතුවක් මත ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන බවද ඔහු එහිදී පැවසීය.

(Lanka Leads)