Tuesday, February 10, 2026
Follow Us
සජිත්-රවී යාළුකරන්න එජාපයේ මෙහෙයුමක්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පවතින විරසකය මකා දමා දෙදෙනා එක් කිරීම සඳහා මෙහෙයුමක් එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රිවරුන් විසින් ආරම්භ කර ඇත.

මේ සඳහා එම මන්ත්‍රීවරුන් පිරිස දෙදෙනාම හමුවීමට යාමට තීරණය කර ඇති අතර එම හමුවීම් මෙම සතියේ සිදුකෙරෙන බව එකී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

විශේෂයෙන් එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණයට මේ දෙදෙනාගේ එක්වීම වැදගත් වන බැවින් ඒ අරමුණු ඇතිව මෙම මෙහෙයුම ආරම්භ කළ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

(Lanka Leads)