Saturday, February 14, 2026
Follow Us
ජනපති හා අගමැති පත්වන්නේ පොහොට්ටුවෙන්

ඉදිරි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පත්කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අකුරැස්ස ආසන බල මණ්ඩල රැස්වීමේදී ද ඉදිරි ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා කුමන පාර්ශවයකින් අපේක්ෂකයන් ඉදිරිපත් වුවද කශේරුකාව ඇති ශීලාචාර අපේක්ෂකයා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව බවයි.

(Neth)